දුම්රිය වසරකට මගීන් මිලියන 105 ක් පමණ ද භාණ්ඩ මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් පමණ ද ප්‍රවාහනය කරයි. ඒ අනුව එය වසරකට මගී කි.මී. බිලියන 4.4ක් ද භාණ්ඩ ටොන් කි.මී. මිලියන 138ක් ද ක්‍රියාත්මක කරයි. දුම්රිය සේවය මගීන්ට මෙන්ම භාණ්ඩවලට ද ලාභදායක ප්‍රවාහන ක්‍රමයක් සේ හඳුනා ගෙන ඇති නමුත් රටේ සංවර්ධනය සඳහා එහි දායකත්වයට ඇති ඉඩ ප්‍රස්තා අති විශාලය. 2010 වන විට දුම්රියෙන් කෙරෙන මගී ප්‍රවාහන ප්‍රමාණය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද භාණ්ඩ ප්‍රවාහනය 2% සිට 10% දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර තිබේ. පහත සඳහන් ඉලක්ක සහ උපායමාර්ගික කටයුතු මගින් මේ අරමුණු මුදුන්පත් කර ගැනීමට අපේක්ෂිත ය. |