පළමුවන රෝලිං ස්ටෝක් ඇන්ජිම ලංකාවට ගොඩබෑවේ 1864 දීය. මෙම ඇන්ජිම් 4-4-0 වර්ගයේ රෝද දෙකකින් ද ඉන්ධන ටොන් 5ක සහ වතුර ගැලුම් 15,200ක ධාරිතාවක් සහිත ටෙන්ඩර්” ට්‍රක් එකකින් ද යුක්ත විය.
බෆරය ඔස්සේ එහි දිග අඩි 49 ක් වූ අතර බර ටොන් 59 ක් විය. මෙම ඇන්ජිම් 1926 වන තෙක් පාවිච්චි කරන ලදි. සන්තෘප්ත වාෂ්ප අධි තාප බොයිලේරු සහිත ධාවන රෝද තුනේ සහ හතරේ ලොකොමොටිව් ඇන්ජිම් යන්ත්‍ර 1915 දී හඳුන්වා දෙන ලදි. කඳුරට ප්‍රදේශ වල 44ට 1ක බෑවුම් සහිත මාර්ග වල දුම්රිය තල්ලු කිරීමට 2වැනි ඇන්ජිමක් යෙදීමේ අවශ්‍යතාව වැළැක්වෙන පරිදි ගැරට් ක්ලාස් ඩබල් හෙඩඩ් ලෙකොමොටිවි ඇන්ජිම් 1928 දී හඳුන්වා දෙන ලදි. 1954 දී කැනේඩියානු රජය අශ්ව බල 1310 යේ M2 පන්තියේ ජෙනරල් මෝටරස් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව් ඇන්ජිම් ලංකාවට පරිත්‍යාග කළේය. 1950 මැද භාගයේ දී කාර්යාල සේවකයන් සඳහා වේගවත් වූ ද පිරිසිදු වූ ද සේවයක් ලබා දීම සඳහා 1950 දශකයේ මැදභාගයේ දී හයිඩ්‍රොලික බලවේග දුම්රිය මිල දී ගන්නා ලදි. දුම්රිය ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් වනුයේ 1969 දී මුළු දුම්රිය ධාවනය සඳහා ඩීසල් ඇන්ජිම් භාවිත කළ හැකි වන පරිදි ඩීසල් හයිඩ්‍රොලික් ලොකොමොටිව් ඇන්ජිම් 88 ක් මිලදී ගැනීම ය.
රෝද 2ක් ද දොරවල් 2 ක් ද 9'6? ක රෝද පාදකයක් සහිත රෝද දෙකක් ද 22' 6? ක දිගක් ද සහිත වූ ,ඉර ආවරණ සහිත වූ ද වාතාශ්‍රය ලබා දෙන බොනෙට් වර්ගයේ වාතාශ්‍රය වීදුරු ද ආලෝක අඩු කිරිමේ පහසුකම් ද පොල් තෙල් පහන් සහිත පියසි දෙකක් ද යන මේවායින් සමන්විත ප්‍රථම කෝච් රථ තොගය අවුරුදු 20 කට ද වැඩි කාලයක් සේවයෙහි යොදවා තිබිණි. රෝද හතරේ ලී ආවරණ සහිත වැගන් රථ යොදා දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවය ආරම්භ කරන ලදී. |