ශ්‍රී ලංකා දුම්රිය සේවය පිරිනමන සේවා ප්‍රධාන වශයෙන් පහත සඳහන් කාණ්ඩවලට අයත් වේ.  
 
1.  ශීඝ්‍රගාමී සේවය.
2.  තදාසන්න මගී සේවය
3.  පාර්සල් සහ තැපැල් සේවය.
4.  ප්‍රවාහන සේවය.
5.  විශේෂ දුම්රිය.
6.  දුම්රිය ස්ථානවල මගීන් සඳහා ඉඩකඩ සැලසීම.
 
     
 
1.ශීඝ්‍රගාමී සේවය
   
 
නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවය කොළඹ සහ මහනුවර අතරත් කොළඹ සහ වවුනියාව අතරත් සැපයේ. මහනුවර දුම්රිය කලින් වෙන් කර ගත හැකි 2වන පන්තියේ ආසන වලින් සහ නිරීක්ෂණ මැදිරි ආසන වලින් යුක්ත වේ.

දුර ගමන් ස‍දහා ඇති මගී ආසන සහ පහසුකම එකිනෙකට වෙනස් ‍වේ. ප්‍රධාන මාර්ගයේ ධාවනය වන රාත්‍රී දුම්රිය නිදන මැදිරි වලින්ද දිවා කාල දුම්රිය නිරික්ෂණ මැදිරි අසුන් වලින් ද උතුරු මාර්ගයේ දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි අසුන් වලින් ද 1වැනි පන්තියේ පහසුකම් සැපයේ.
සියලුම දිවා කාල සහ රාත්‍රී කාල දුම්රිය නිදන අසුන්වල ස්වරූපයෙන් 2වැනි පන්තියේ පහසුකම් ද සාමාන්‍ය අසුන් ද සැපයේ.

සියලුම දිවා කාල සහ රාත්‍රීකාල දුම්රිය වල කල් තියා වෙන් කර ගත හැකි නිදන අසුන් ස්වරෑපයෙන් 3වැනි පන්තියේ පහසුකම් සහ සාමාන්‍ය අසුන් තිබේ.
 
 
     
   
2.කොළඹ බලා එන මගීන් සඳහා
   
 
  කොළඹ බලා ධාවනය වන දුම්රිය වලින් කොළඹ-අලුත්ගම, කොලඹ-රඹුක්කන, කොළඹ-පුත්තලම සහ කොළඹ-අවිස්සාවේල්ල අතරතුර සියලුම ස්ථාන වල නතර කෙරෙන සහ අර්ධ ශීඝ්‍රගාමී සේවා ශිෂ්‍යයන් සහ මගීන් සඳහා සැපයේ. මේවායේ ඇත්තේ කලින් වෙන් නොකෙරෙන 3වැනි පන්තියේ පහසුකම්ය.

ශිෂ්‍යයන් සහ මගීන් සදහා සියලු ස්ථානයන්හි නතර කෙරෙන ප්‍රා‍දේශීය දුම්රිය සේවා අලුත්ගම-ගාල්ල-මාතර අතර ද මහව- කුරුණෑගල අතර ද මහව-පොළොන්නරුව අතර ද මාතලේ මාර්ගයෙහි ද ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් එහා කොටසේ ද සැපයේ. මෙම දුම්රියවල ඇත්තේ කල් තියා වෙන් කර ගත නොහැකි 3වැනි පන්තියේ ඉඩකඩ ය. කොළඹ බලා ධාවනය වන ඇතැම් කාර්යාල දුම්රියයන් කොළඹ-ගාල්ල සහ කොළඹ-මහව අතර මගීන් සඳහා අර්ධ ශීඝ්‍රගාමී සේවා සැපයේ.
 
     
 
3. පාර්සල් සහ තැපැල් සේවය
   
 
පාර්සල් සේවය සියලුම ස්ථාන අතරේ සැපයේ. හදිසි පාර්සල් සුලු ප්‍රමාණයන්හි වැඩි ගාස්තුවක් මත ශීඝ්‍රගාමී සහ අර්ධ ශීඝ්‍රගාමී දුම්රිය මගින් යැවිය හැකිය.

රාත්‍රියේ ධාවනය වන ශීඝ්‍රගාමී මගී දුම්රිය මගින් තැපෑල ද ගෙන යනු ලැබේ. මෙම සේවය පිරිනැමෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට ය.
 
   
4. භාණ්ඩ ප්‍රවාහනය
 
කොළඹ සහ පිට ප්‍රදේශ වල ප්‍රධාන නගර අතර ධාවනය කෙරෙන භාණ්ඩ දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහන සේවය ඉටු කරනු ලැබේ. මෙසේ ප්‍රවාහනය කෙරෙනුයේ තෙල් නිෂ්පාදන, සිමෙන්ති සහ අමුද්‍රව්‍ය,රසායනික පොහොර සහ පිටි යන භාණ්ඩ යි.  
 
     
 
5. විශේෂ දුම්රිය
   
 
වායු සමීකරණය කළ හිතාචි දුම්රිය කට්ටල සහ විශාල කණ්ඩායම් සඳහා විශේෂ දුම්රිය ද භාවිත කොට විශේෂ චාරිකා සේවා පිරිනමනු ලැබේ. පෞද්ගලික මෙහෙයුම් කරුවෙක් වයිස්රෝයි විශේෂ වාෂ්ප දුම්රිය චාරිකා සංවිධානය කරයි.
 
     
 
6. දුම්රිය ස්ථානවල නවාතැන් පහසුකම්
   
  දුම්රිය මගීන්ට පහත සඳුහන් දුම්රිය ස්ථානවල නවාතැන් පහසුකම් තිබේ.  
 
1. මහනුවර 2. පොළොන්නරුව 3. මඩකලපුව
4. අනුරාධපුරය 5. මිහින්තලය 6. ත්‍රිකුණාමලය
7. ගාල්ල  
 
 
     
  සපයන සේවාවන් හා ලබාගන්නා ආකාරය.  
 
අංකය සේවාව විමසිය යුතු පුද්ගලයා -
ශ්‍රී ලංකා දුම්රිය සේවය
අයදුම්කරු විසින් ලබා දියයුතු තොරතුරු සේවාව ලබා ගන්නා ක්‍රමය අනුගමනය කළයුතු රීති
1. නගරාන්තර ශීඝ්‍රගාමී සේවය
කොළඹ - නුවර
දුම්රිය ස්ථානාධිපති   ප්‍රවේශපත් නිකුත්කරනු ලබන්නේ කොළඹ කොටුව,ගම්පහ, පේරාදෙණිය හා නුවර යන දුම්රිය ස්ථාන වලදීය.

ඒ සඳහා කොළඹ කොටුවේ හා නුවර දුම්රිය ස්ථාන වල විශේෂ කවුන්ටර ඇත.

නිරීක්ෂණ මැදිරි සඳහා අමතර ගාස්තු ගෙවිය යුතුය.

කලින් ආසන වෙන්කළ නොහැති 3වන පන්තියේ එක් දුම්රියක් ඇත.
ප්‍රවේශපත් නිකුත්කරනු ලබන්නේ සංචාරයට දින 10කට පෙරය.

ඉහල ඉල්ලුමක් ඇති නිසා එක් පුද්ගලයෙකුට ප්‍රවේශපත් 5ක් පමණක් නිකුත් කෙරේ.
2. නගරාන්තර ශීඝ්‍රගාමී සේවය
කොළඹ - වවුනියව
දුම්රිය ස්ථානාධිපති      
3. දුර ගමන් සීඝ්‍රගාමී සේවය දුම්රිය ස්ථානාධිපති      
4. කොළඹ නගරය තුල
දුම්රිය ස්ථානාධිපති      
5. පාර්සල් දුම්රිය ස්ථානාධිපති     ප්‍රධාන දුම්රිය ස්ථානය - පාර්සලයක උපරිම බර = කි.ග්‍රෑ.50
උප දුම්රිය ස්ථාන - පාර්සලයක උපරිම බර = කි.ග්‍රෑ.50
6. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ස්ථානාධිපති      
7. විශේෂ දුම්රිය වෙන්කිරීම. වෙළඳ අධිකාරි හෝ
නියෝජ්‍ය වෙළඳ අධිකාරි
දුරකථන : 01122320109
0112432128
සංචාරයක දිනය , ආරම්භාක ස්ථානය හා ගමනාන්ත දුම්රිය ස්ථානය ,
මඟීන් ගණන, නැවත පැමිණෙන දිනය
( එක දුම් රියක ගෙන යනු ලබන්නේ මඟීන් 80දෙනෙකි.)
පළමුවෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් එය දීමට ඇති හැකියාව පරීක්ෂාකර වෙන්කරනු ලබයි.ඉන් පසු අයදුම්කරුට ගාස්තු ගෙවීම පිළිබඳව දැනුම් දෙනු ලැබේ. ගමන්කල හැකි අවම දුර වන්නේ කි.මී.200 කි.
8. දුම්රිය ස්ථාන වල නවාතැන් පහසුකම් - විවේකාගර දුම්රිය ස්ථානාධිපති දිනය සහ කාමර ගණන කාමර ලබා ගතහැක්කේ ගාල්ල, අනුරාධාපුරය, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, මිහින්තලය හා ත්‍රීකිණාමලය යන ස්ථාන වලිනි.

එහි තනි, ද්විත්ව හා පවුල් (ඇඳන් 5යි.) වලට වෙන් වූ කාමර ඇත.

මිහින්තලයේ පුද්ගලයින් 25දෙනෙකුට පමණ විවේකාගාර ඇත.
ද්විත්ව හා පවුල් කාමර වල සිටින අමතර පුද්ගලයින් සඳහා අමතර ගාස්තුවක් ගෙවිය යුතුය.
9. සංචාරක බංගලාව පරිපාලන නිළධාරී - ප්‍රවාහන අමාත්‍යංශය දිනය හා පුද්ගලයින් සංඛ්‍යාව සංචාරක බංගලා ලබාගත හැක්කේ කතරගම හා නුවර එළිය යන ප්‍රදේශ වලිනි.  
10. දැන්වීම ඵලකිරීම අලෙවි කළමණාකරු
දුරකථන : 0112431909
දැන්වීමේ වර්ගය, අඩංගු දෑ,
ප්‍රමාණය,
ප්‍රචාරක කාලය, ස්ථානය
පළමුවෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් එය ප්‍රචාරය කලහැකි හැකියාව පරීක්ෂා කර ඉන් පසු අයදුම්කරුට ගාස්තු ගෙවීම පිළිබඳව දැනුම් දෙනු ලැබේ.  
11. භෝජනාගාර,වෙළඳසැල්,භාණ්ඩ විකිණීමේ කූඩාරම් හා රථගාල් යනාදිය කුලියට දීම. වෙළඳ අධිකාරි හෝ
නියෝජ්‍ය වෙළඳ අධිකාරි
දුරකථන : 01122320109
                  0112432128
     
12. දුම්රිය ස්ථානවල චිත්‍රපට ගැනීම හෝ ඡායරූප ගැනීමේ ඉඩකඩ වෙළඳ අධිකාරි හෝ
නියෝජ්‍ය වෙළඳ අධිකාරි
දුරකථන : 01122320109
                  0112432128
     
13. රථ ගාල්කිරීම. රථගාල් සේවක.   ගාල්ල,නාගොල්ලාගම, මාදම්පේ, මරදාන, මීරිගම, මහනුවර, අලව්ව, නාවලපිටිය, හැටන්, නනුඔය හා අම්බලන්ගොඩ යන දුම් රිය ස්ථන වල රථගාල් කිරීමේ පහසුකම් ඇත.  
 
     
   වෙන්කර ගැනීම :- කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මැදිරි වෙන් කරවා ගැනීමේ අංශය- 0112432908, 011242128-දිගුව 433 ඉහළට