Srilanka Government

විශේෂ දුම්රිය වෙන් කරවා ගැනීම

ඔබට පහත දක්වා ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කළ හැක. ගාස්තු, වෙන් කිරීම් පිටුවේ දක්වා ඇත.

  • ආකෘති පත්‍ර පිටුවෙන් 2.2 (අ) අයදුම්පත් ආකෘතිය බාගත කරගන්න.
  • එම පෝරමය පුරවා දුම්රිය වාණිජ අධිකාරී වෙත යවන්න.

011-2432128 ට ෆැක්ස් කරන්න. එසේත් නැත්නම් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අතර කොළඹ 10 දුම්රිය මූලස්ථානයේ වාණිජ අධිකාරී කාර්යාලය  වෙත භාර දෙන්න.

  • තීරණය තැපැල් හෝ ෆැක්ස් ‍මගින් ඔබට දන්වනු ලැබේ.
  • ගෙවීම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති වෙත ගෙවිය හැක.
  • ගෙවීම් ලදුපත දුම්රිය වාණිජ අධිකාරි වෙත යැවිය යුතුය. (ෆැක්ස් මගින් හෝ ගෙනැවිත් භාර දීමෙන්)

 

ගෙවීම්

දුම්රිය සඳහා ගාස්තු

කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රු 1250.00+VAT

පෙට්ටි 05 ක වායු සමණය කළ දුම්රියකට කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රු 1350.00+VAT

අමතර මැදිරියක් සඳහා  සම්පූර්ණ ගාස්තුවෙන් 10%.

රාජ්‍ය සේවකයින් සඳහා වොරන්ට් බලපත්‍ර මගින් ද ගෙවීම් කළ හැක.

ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000.00 කි.

වැඩිදුර විස්තර සඳහා :

තනතුර

දුරකථනය

ෆැක්ස්

ඊ -මේල්

වාණිජ අධිකාරී

+94-11-2320109

+94-11-2432128

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 07 වෙනි සිකුරාදා, 04:03