Srilanka Government

අප ගැන තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි. එය ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකු වන අතර රටේ පවතින එකම දුම්රිය ප්‍රවාහන සංවිධානය වේ. ශ්‍රී.ලං.දු.සේ. මගීන් ප්‍රවාහනය හා බඩු ප්‍රවාහනය යන සේවාවන් දෙකම ඉටු කරයි. දුම්රිය සේවය ආරම්භයේදී මගී ප්‍රවාහනයට වඩා බඩු ප්‍රවාහනය සිදු කළේය. නමුත් අද එය මගී  ප්‍රවාහනයට වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියාත්මක වේ. මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී.ලං.දු. දෙ. සතු වෙළඳපොල කොටස 6.0% ක් පමණ වන අතර බඩු ප්‍රවාහනය සඳහා කොටස 6.7% ක් පමණ වේ.
එදිනෙදා මගීන් ඔවුන්ගේ සේවා ස්ථාන කරා ප්‍රවාහනය කරමින් ශ්‍රී.ලං.දු.සේ. සපයන සේවය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වූවකි. ශ්‍රී ලංකා දුම්රිය සේවය ආසන්න වශයෙන් සතියේ සාමාන්‍ය වැඩකරන දිනකට අදාලව දුම්රිය 396 ක් ධාවනය කරවන අතර ඒ අතරට දුර ගමන් දුම්රිය 67 ක් සහ නගරාන්තර දුම්රිය 16 අයත් වන අතර දිනපතා මගීන් මිලියන 3.72 පමණ ප්‍රවාහනය කරයි.  ශ්‍රී.ලං.දු.සේ. සතු එමගින් නඩත්තු කෙරෙන දුම්රිය මාර්ග කි.මී.1561 ක් ද දුම්රිය එන්ජින් 72 ක් ද, මැදිරි 565 අධි වේගී කට්ටල 78 ක් ද සංඥා ජාලයද වේ. දැනට එහි 17634 ක සේවක සංඛ්‍යාවක් සිටී.
ශ්‍රී ලංකා දුම්රිය සේවය, දුම්රිය සාමාන්‍යාධිකාරී (GMR) යටතේ ක්‍රියාත්මක වේ. සාමාන්‍යාධිකාරී, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වාර්තා කරයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය උප දෙපාර්තමේන්තු දහයකට සහ ඒකක තුනකට වෙන් කරනු ලැබ ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත සෘජුවම වාර්තා කරන උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් උප දෙපාර්තමේන්තු කළමනාකරණය කරනු ලැබේ.

දැක්ම

අප හා සම්බන්ධ වන්නන්ට අනභිභවනීය වටිනාකමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති ගොඩබිම ප්‍රවාහන පහසුකම් සපයන්නා වීම.

මෙහෙවර

මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී, විශ්වාසවන්ත හා නිසි කලට වේලාවට ක්‍රියාත්මක දුම්රිය ප්‍රවාහන සේවාව ලාභදායී හා කාර්යක්ෂම ලෙස සැපයීම.

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජූලි 21 වෙනි සිකුරාදා, 04:40