Srilanka Government

මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය දුම්රියෙන්

ඉදිරියේදී දුම්රිය මගින් මසකට තිරිඟු පිටි ටොන් 15000 ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය.

චීන වරායේ සිට ගාල්ල සහ සීදූව දක්වා ප්‍රීමා පිටි තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා 2017.06.27 දිනයේදී ගිවිසුමකට අත්සන් කළ බවත් මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රීමා සමාගම විසින් කන්ටේනර් ප්‍රවාහනය කරන ගැල් රථ 15 ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් පැවසූ සාමාන්‍යධිකාරීවරයා එමගින් මසකට රැපියල් මිලියන එකොළහක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවද කියා සිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්වය ඉහල නැංවීමත් කන්ටේනර් ප්‍රවාහනයේදී ඇති වන තදබදය අවම කිරීමත් පරිසර දූෂණය අවම කිරීමත් අරමුණු කර ගනිමින් ආරම්භ කළ දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නව වැඩ පිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය දියත් වන බව ද ඒ මහතා පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2022 ජූනි 23 වෙනි බ්‍රහස්පතින්දා, 05:57