Srilanka Government

2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට නවක සිසුන් බඳවා ගැනීම

There are no translations available.

ශ්‍රී ලංකා දුම්රිය සේවය
රත්මලාන ශ්‍රී ලංකා දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය
ආධුනිකයින් ඇතුළත් කර ගැනීම - 2018 වර්ෂය

 

රත්මලාන ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට2018 වර්ෂය සඳහා ආධුනිකයින් / ආධුනිකාවන් ඇතුළත් කරගැනීම පිණිස මෙහි දෙවන ඡේදයේ සඳහන් අවම සුදුසුකම් ඇති ශ්‍රීලාංකික පුරවැසියන් ගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.

02.    අවම සුදුසුකම්-
(අ).  වයස- 2018.05.31 දිනට අවුරුදු 16ත් 25 ත් අතර විය යුතුයි.
(ආ). අධ්‍යාපන සුදුසුකම් -
සිංහල/දෙමළ/ඉංශ්‍රීසි භාෂාව/ගණිතය සහ විද්‍යාව ඇතුලු විෂයන් 06ක් ඕනෑම විෂයන් හතරකටසම්මාන සාමාර්ථයන් සහිතව එක් වරකදී අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගය සමත් වීම.


03.    පුහුණු  පාඨමාලාව-
ආධුනික පුහුණුවට තෝරා ගනු ලබන ආධුනිකයින් පහත සඳහන් වෘත්තීන් හා එම වෘත්තීන්ට අදාල කාල සීමාවට යටත්ව පාඨමාලාව හැදෑරීමට ඉඩසලසනු ලැබේ. පාඨමාලාව පවත්වනු ලබන්නේ සිංහල මාධ්‍යෙයන් පමණි. පහත සඳහන් පාඨමාලා සඳහා අධුනිකයින් 25 දෙනා බැගින් තෝරා ගනු ලැබේ.
(i). ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පී -  අවුරුදු 02 යි මාස 06
(ii).පෑස්සුම් ශිල්පී -  අවුරුදු 03 (NVQ Level 04)
(iii).විදුලි ශිල්පී (බල)  -  අවුරුදු 03 මාස 06 (NVQ Level 04)
(iv).යන්ත්‍ර ශිල්පී (සාමාන්‍ය)  -  අවුරුදු 03 මාස 06 (NVQ Level 04)


04.    අයදුම්පත් -
අයදුම් කරුවන් විසින් මේ සමග ඇති අයදුම් පත්‍රය අනුව මි.මි. 297*210 (A-4) ප්‍රමාණයේ සුදු කඩදාසියක පිළියෙල කර ගත් අයදුම් පත් වල සම්පූර්ණ විස්තරය නිවැරදිව සඳහන් කළ යුතුයි. අවශ්‍ය සම්පූර්ණ තොරතුරු සඳහන් නොවන අයදුම් පත් ප්‍රතික්ෂේප තරනු ලැබේ.

05. පාඨමාලාව සඳහා තෝරාගැනීම -
1. ලිඛිත හා ප්‍රාෙයා්ගික පරීක්ෂණ මගින් සිදුකරන අතර අවශ්‍ය අවම සුදුසුකම් ඇති හා 07 වන ඡේදය සඳහන් විභාග ගාස්තු ගෙව‍ා ඇති අයදුම් කරැවන් පමණක් ලිඛිත පරීක්ෂණයටකැඳවනු ලැබේ.
2. ලිඛිත පරීක්ෂණය ගණිතය මූලික මූලික කාර්මික දැනුම හා සාමාන්‍ය දැනීම පදනම් කර ගෙන පැවැත් වේ. ලිඛිත පරීක්ෂණයෙන්ඉහළම ලකුණු ලැබූඅයදුම්ක කරුවන් ඒ ඒ පාඨමාලා පදනම යටතේ  ප්‍රාෙයා්ගික/සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.
3. ලිඛිත හා ප්‍රාෙයා්ගික පරීක්ෂණ වලදී වැඩිම මුලු ලකුණු ලබාගන්නා අයදුම් කරැවන් ඒ ඒ පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබේ.


06. විභාග මාධ්‍ය- සිංහල/දෙමළ/ඉංශ්‍රීසි

07. විභාග ගාස්තු:

මෙම විභාගය සඳහා ආපසු නොගෙවනු ලබන රු.500/= විභාග ගාස්තුවක් අය කෙරේ. දුම්රිය සාමාන්‍යාධිකාරීගේ මහජන බැංකු නගර මධ්‍ය ශාඛාවේ ගිණුම් අංක 176-1001-2-9027313ට බැරවෙන පරිදි ඕනෑම මහජන බැංකු ශාඛාවකට ගෙවා

ලදුපත අයදුම්පත සමග අමුණා එවිය යුතුය. (ලදුපතේ ඡායා පිටපතක් මතු ප්‍රයෝජනය සඳහා ළඟ තබා ගත යුතුය) ලදුපත අමුණා නොඑවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඇතුළත් වීමේ විභාගයට පෙනී නොසිටීම නිසා හෝ වෙනත් කිසියම්

හේතුවක් නිසා විභාග ගාස්තු ආපසු නොගෙවන බව සැලකිය යුතුය.

08. විභාග මධ්‍යස්ථාන:

සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරන අයදුම්කරුවන් සඳහා ලිඛිත පරීක්ෂණයක් කොළඹ මධ්‍යස්ථානයකදී පමණක් පැවැත්වේ.

09. ගිවිසුම අත්සන් කිරීම:

ආයතනයේ පුහුණුවට තෝරා ගනු ලබන සියලුම අයදුම්කරුවන් වෘත්තියට අදාළ කාල සීමාවන් තුළ පුහුණුව සාර්ථකව හදාරන බවට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරි සමඟ ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.

10. පුහුණුවෙන් පසු ආධුනිකයන්ට රැකියා ලබා දීමට දෙපාර්තමේන්තුව බැඳී නැත.

11. පහත දැක්වෙන ආදර්ශ අයදුම්පත් පෝරමය අනුව අයදුම්පත් පිළියෙල කර "නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා මානව සම්පත් සංවර්ධන), ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය, කල්දෙමුල්ල, රත්මලාන" වෙත

ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල්ලුම්පත්‍රය භාලන කවරයේ වම්පස උඩ කෙළවරේ "ශ්‍රී ලං.ජ.දු.කා.අ.ම./2018" යනුවෙන් සඳහන් කළ යුතුය.

12. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය:

අයදුම්පත් 2018.08.10 වැනි දින තෙක් භාරගනු ලබන අතර, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම්පත භාගත කිරීමට මෙම ස්ථානය ක්ලික් කරන්න


එස්.එම්. අබේවික්‍රම

 

දුම්රිය සාමාන්‍යාධිකාරී

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 06 වෙනි සදුදා, 06:12
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)