Srilanka Government

දුම්රිය ස්ථාන නවීකරණ හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා පෞද්ගලික ආයතන වල දායකත්වය ලබා ගැනීම

There are no translations available.

දුම්රිය ස්ථාන නවීකරණ හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා

පෞද්ගලික ආයතන වල දායකත්වය ලබා ගැනීම

දුම්රිය ස්ථාන නවීකරණ හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා පෞද්ගලික ආයතන වල දායකත්වය ලබා ගැනීමටත් ඒ වෙනුවෙන් එම දායකත්වයට සාපේක්ෂව ‍‍‍දෙපාර්ත‍‍‍‍මේන්තු කොන්දේසි වලට යටත්ව එම ආයතන වල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීමටත් දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇත.

 

ඒ අනුව යම් දුම්රිය ස්ථානයක හෝ දුම්රිය ස්ථාන කිහිපයක නවීකරණ හා නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා ඔබ ආයතනය දායකත්වය දැක්වීමට අපේක්ෂා කරයි නම් සියළු තොරතුරු සඳහන් කරමින් ඒ සඳහා යෝජනාවක් මා වෙත ලැබෙන්නට සලස්වන්නේනම් මැනවි.

සැ.යු. - මේ සඳහා දෙපාර්තමේන්තුව විසින් පත් කරනු ලබන තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් සුදුසු පාර්ශව තෝරා ගනු ලැබේ.

වැඩි විස්තර හා ගිවිසුම් සම්බන්ධයෙන් වු කොන්දේසි පිළිබඳව තොරතුරු අවශ්‍ය නම් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළඳ හා අලෙවි කාර්යාලයෙන් ලබාගත හැක. දුරකතන අංක: 011460011 (දිගු අංකය 8235) හෝ 0112431909

ෆැක්ස්: 0112431909

නියෝජ්‍ය අධිකාරී (වෙළඳ හා අලෙවි)

වෙළඳ හා අලෙවි අංශය

දුම්රිය මූලස්ථානය

කොළඹ 10