Srilanka Government

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීම

 

2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම

 

  • කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
  • ඔක්තෝම්බර් 10, 11, 12 සහ 13 යන දිනයන්හිදී කොළඹ කොටුව සිට සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

 

  • ඔක්තෝම්බර් 11, 12, 13 සහ 14 යන දිනයන්හිදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර , එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව 08.55ට පිටත් වේ.
  • බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1006 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර , එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව 0940ට පිටත් වේ.
  • බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1008 දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන  පෙ.ව 11:15 ට පිටත් වේ.
  • මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1126 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
  • බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත අංක 1596 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන්  ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව 13:15 ට පිටත් වේ.

 

 

Last Updated on Thursday, 10 October 2024 11:22