Srilanka Government

කළමනාකරන සහකාර තාක්ෂණ ඛණ්ඩය - 2 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය.

සංශෝධිත ලැයිස්තුව - කළමනාකරන සහකාර තාක්ෂණ ඛණ්ඩය - 2 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය.

අනු අංකය

මාතෘකාව

සං‍ශෝධනය විය යුතු ආකාරය

1.

1.6

යොමු අංකය:PSC/EST/04-01-43/09/2016 දිනය-2017.06.15

පළමුවන සංශෝධිත දිනය-2017.09.14 දෙවන සංශෝධිත දිනය-2017.10.10 තුන්වන සං‍ශෝධිත දිනය-..................

2.

7.2.2.1 හි සටහන

සටහන- අමාත්‍ය මණ්ඩලයේ ලේකම්ගේ අමප/17/2882/709/102-1 හා 2017.12.19 දිකැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කරන තෙක් ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණු පාඨමාලා සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලබා දෙනු ලබන පුහුණු සහතිකය ලබා ඇත්නම් ඉහත 7.2.2.1යටතේ සඳහන් අධ්‍යාපන සුදුසුකම් නොසලකා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

3.

7.2.5 හි සංලක්ෂය යටතේ පුහුණු කාලය තුලදී දීමනාව

සටහන- සීමිත ධාරාව යටතේ සුදුසුකම් ලබන නිලධරයන් පුහුණුවට බඳවා ගන්නා අවස්ථාවේදී ලබමින් සිටි වැටුප පුහුණු කාලසීමාව තුලදී ගෙවනු ලබන අතර එම කාලසීමාව තුලදී වැටුප් වර්ධකයක් උපයාගතහොත් ඒ අනුව ගෙවීම් කරනු ලැබේ.

4.

7.3.2.1 අධ්‍යාපන සුදුසුකම්

සටහන- මෙම බඳවාගැනීමේ පටිපාටිය අනුමත වන දිනට පැරණි බඳවා ගැනීම් පටිපාටිය අනුව සුදුසුකම් සපුරා සිටි නිලධාරින් සඳහා ඉහත7.3.2.1හි අධ්‍යාපන සුදුසුකම් අදාල නොවේ.

5.

7.3.2.3හි වගුවට පසුව

සටහන - දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක තනතුරේ වසර දහයක සක්‍රිය සේවා කාලයක් හා පූර්වාසන්න වසර පහක සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති නිලධාරීන් නොමැති නම් පමණක් නව බඳවා ගැනීමේ පටිපාටිය අනුමත වන දිනට දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක තනතුරේ සේවයේ නියුතු වසර පහක සත්‍රිය සේවා කාලයක් හා පුර්වාසක්ක වසර 05 ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරින් සලකා බලනු ලැබේ.

 

 

 

Last Updated on Friday, 22 March 2019 05:13